තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක හමුදාවේ ප්රධානියකුට වාහන පෙළපාලි යන්න මුදල් දුන්නේ කවුදැයි තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
චන්දිම වීරක්කොඩි මහතා මෙසේද සඳහන් කළේය.
පෙරේදා මම ගාල්ලේ ඉඳලා කොළඹ එනකොට හමුදාපති තරු ගහ ගත්ත වාහනයක් වාහන හතක් එක්ක එනවා දැක්කා. සමහරවිට හමුදාපති වෙන්න ඇති. රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක මේ වගේ ඉහළ නිලධාරීන් මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබට පියවර ගන්න බැරිද. වැඩිහිටි දීමනාව මාස තුනකින් දීලා නැහැ. ආබාධිත දීමනා ගෙවලා නෑ.එක නිලධාරියකුට වාහන හතක් එක්ක පෙළපාලියට දාගෙන යන්න කවුද සල්ලි වෙන් කළේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:
සහනාධාර මුදල් නිසි පරිදි ලබා දීම කරලා තියෙනවා. යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලැබිලා නැත්නම් අපි හොයල බලන්නම්. ඔබතුමා කියන අනිත් කාරණය ගැන උත්තර දෙන්න බැඳිලා නැහැ.