වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව එළඹෙන 26 වනදායින් අවසන්වීමට නියමිතව තිබේ.
පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 26 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබුණ ද ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
කෙසේවෙතත් එම කාලය එළඹෙන 26 වනදා අවසන් වන අතර ඉන් අනතුරුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට නියමිතය.
මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
එහෙත් මේ දක්වාත් පොලිස්පති ධුරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා විය.
ජනාධිපතිවරයා මේ දිනවල විදෙස් සංචාරයක නිරතව සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි සඳහන් ය.
පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය ලබාගත යුතු වෙයි.