දිනෙන් දින රිය අනතුරු ඉහළයෑම සැලකිල්ලට ගනිමින් නීතිරීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ මුදල් වැඩිකිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
“දැනට සිදුවෙන පරීක්ෂණවලට අමතරව නවීන තාක්ෂණය භාවිත කරලා රියදුරන්ගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම මැන බැලීමේ ක්‍රමවේදයක් තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ.”
“විශේෂයෙන් තවදුරටත් දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමුවෙලා තිබෙනවා. දඬුවම් වැඩිකිරීම පිළිබඳවත් අවධානය යොමුකරලා තිබෙනවා.”
මේ අතර, රිය ධාවනයට පෙර එම රථය ධාවනය කරන රියදුරාගේ ශරීර යෝග්‍යතාව හා මානසික ඒකාග්‍රතාව නිවැරදිව පරීක්ෂා කරන යන්ත්‍රයක් වේයන්ගොඩ පෞද්ගලික රියදුරු පාසලක සවිකර තිබේ.
එය නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැමිණ සිටි අතර එහිදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.