Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න -පොලීසිය
    Featured

    දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානයෙන් ඉන්න -පොලීසිය

    By LFNJune 20, 2023No Comments2 Mins Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 12යි මාස 8ක ගැහැනු දරුවෙක් දුෂණය කළ බවට සැක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ අදාළ ගැහැනු දරුවා පාලනය කරගැනීමට නොහැකි බව පවසමින් ඇයගේ දෙමාපියන් විසින් වැලිමඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවය.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ ගැහැනු දරුවා පරිවාස භාරයට පත්කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

    එසේ තිබිය දී දැරියගේ පියා විසින් පරිවාසයෙන් ලබාගත් නියෝගයක් මත නැවත වතාවක් ඇයව නිවස වෙත රැගෙන විත් තිබු බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

    එසේ තිබිය දී අදාළ දැරිය ජූනි මස 11 වනදා වැලිමඩ නගරයේ සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් ඇයව පොලීසිය වෙත රැගෙන විත් දෙමාපියන්ට භාර දී තිබේ.

    කෙසේවෙතත් එම අවස්ථාවේ දී පොලීසියට ඇතිවු සැකයක් මත දැරියව වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී දැරිය දූෂණයට ලක්ව ඇතැයි තහවුරු වී ඇත.

    එසේ තිබිය දී ජූනි 18 වනදා නැවත වතාවක් දැරිය නගරයේ සිටින බවට ලද තොරතුරක් මත නිලධාරින් විසින් ඇයව පොලීසිය වෙත රැගෙන විත් තිබේ.

    ඒ අනුව දෙමාපියන්ට කළ දැනුම්දීමකින් පසුව ඔවුන් පොලීසිය වෙත පැමිණි එහි තිබු අතර එය දරාගැනීමට නොහැකිව මව සහ පියා පොලිසිය තුළ වු පොදු වැසිකිළියක දී වස පානය කර ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කළ බව ද පැවසීය.

    කෙසේවෙතත් ප්‍රතිකාර ගනිමින් සිටි දැරියගේ පියා ප්‍රතිකාර අවසන්වීමට පෙර රෝහලෙන් පැනගොස් ඇති අතර, මව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

    පරිවාස භාරයට පත්කළ දැරියව දෙමාපියන් නිවසට රැගෙන ගියද ඔවුන්ට නිසිලෙස ඇයව රැකබලාගැනීමට නොහැකි වීම බරපතළ තත්ත්වයක් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දැරිය දුෂණය කළ බවට සැක 28 හැවිරිදි වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම පුද්ගලයාව ජුලි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    “මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ඒ දරුවා සිටින දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ට අකීකරු දරුවන් සිටින්නට පුළුවන්. එවැනි අවස්ථාවල දරුවන්ව පරිවාසයට යොමු කළ විට දරුවාගේ ආරක්ෂාව එම ස්ථානයේ යම් කාලයකට රැකෙනවා. එවැනි ස්ථානවලට ගිහින් නැවත මේ වගේ කැඳවාගෙන ආවම තමන්ට පාලනය කරන්න බැරි දරුවාව මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණදෙනවා. ඒ නිසා යම්කිසි සහනයක් ලබාගන්න තමන්ට ආයතනයක් තියෙනවා නම් දරුවන් සම්බන්ධයෙන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. නැත්නම් මේ දරුවන් අනවශ්‍ය ආකාරයට සමාජයේ වින්දිතයින් බවට පත්වෙනවා. අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය අවධානය, සැලකිල්ල යොමුකරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.