බිරිඳ විසින් සිය සැමියාට ගිනිතැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්රදේශයෙන් වාර්තා වුණි.
පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (18) අලුයම 3ට පමණ බිරිඳ විසින් එලෙස සැමියාට ගිනි තබා ඇතැයි මොරටුමුල්ල පොලීසිය සඳහන් කළේය.
මොරටුමුල්ල පොලීසිය සිදුකරනු ලැබූ විමර්ශනවලින් පසු දැනගන්නට ලැබී ඇත්තේ, එම නිවසේ කාන්තාව වෙනත් පුද්ගලයකු සමඟ දීර්ඝ කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එම සබඳතාවය හේතුවෙන් අඹුසැමි යුවළ අතර විටින් විට ආරවුල් ඇති වූ බවය.
ස්වාමිපුරුෂයා නිදා සිටි අවස්ථාවේදී බිරිඳ විසින් සිරුරට ගිනි තබා ඇති අතර ගින්නෙන් එම පුද්ගලයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පිළිස්සී ගොස් තිබේ.
පසුව ප්රතිකාර සඳහා ඔහුව කොළඹ දකුණ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත් පොලීසිය අදාළ කාන්තාවගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, ස්වාමි පුරුෂයා පොරොවෙන් පහරදී තමා මියගොස් ඇතැයි සිතා ඔහු විසින්ම සිරුරට ගිනි තබාගෙන ඇති බවය.