Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට උපදෙස්
    Featured

    බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට උපදෙස්

    By LFNJune 19, 2023No Comments2 Mins Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට ද අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවය.

    කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ නොයෑම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම ගැටලුසහගත බවය.

    මේ අතර, ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ තිරිඟු පිටි නිෂ්පාදනවල මිල ගණන් සඳහා ද පාලන මිලක් අවශ්‍ය බවය.

    තිරිඟු පිටි සම්බන්ධයෙන් පමණක් ක්‍රියාමාර්ග නොගෙන සියලුම බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් ද මිල නියාමනයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

    එවැනි මිල නියාමනයක් සිදුකරන්නේ නම් සිය සංගමයේ උපරිම සහාය ලබාදීමට සූදානම් බව ද ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේය.

    “පාන් පිටි සම්බන්ධයෙන් නිෂ්චිත වශයෙන් හරි ඔහෝම ගහපු එක ගැන සතුටු වෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගිකව ගැටලු ඇති වෙනවා. පාන්පිටිවලට නිෂ්චිත මිලක් කියන්නේ නෑ නේ. නිෂ්චිත භාණ්ඩයක් ලෙස නම් කරනවා සේම නිෂ්චිත මිල කියන්න. ඒ මිල ගමේ කඩේ කීයද? තොග මිල කීයද? ආනයනකරුවන් කොහොමද ? එහෙම යනවා මිල චේන් එකක්. ඒ මිල ගණන් තුනත් ඒකට ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැතිනම් ගැසට් ගැහුවා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ප්‍රශ්නය එතනමයි. ඇමතිවරයා නිෂ්චිත භාණ්ඩ ගණයට ඇතුළක් කරානම් පාන් පිටි. පාන්පිටිවලින් නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ පාන් ගෙඩිය රොස් පාන් ගෙඩිය බනිස් ගෙඩිය, මාළුපාන්, ජෑම් පාන්, වියානා රෝල්ස් සියල්ල මිල පාලනයට ලක් කරන්න අපි සූදානම් ඒ මිල පාලනය සඳහා උපරිම සහයෝගය ලබා දෙන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.