තිරිඟු පිටි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ‘නිශ්චිත භාණ්ඩ’ යටතට ගෙන ඒමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
නලින් ප්‍රනාන්දු විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.
වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව සඳහන්.
මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇති අතර ඒ අනුව යම් හෙයකින් වෙළෙඳෙපොලේ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.