මන්නාරම, මුරුන්කන් – අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එකම පවුලේ හතරදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (17) දිනයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙම පවුලේ තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයාගේ සහෝදරයෙකුයි මෙම පිරිස පහරදී ඝාතනය කර තිබුණේ.
කෙසේ වෙතත් ඝාතනයට අදාළව එකම පවුලේ පියා, පුතු සහ, මාමා මෙන්ම බෑණාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.