Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාම ගිය නිලධාරියෙක් පාර්ලිමේන්තුව කලඹයි ?
    Featured

    විශ්‍රාම ගිය නිලධාරියෙක් පාර්ලිමේන්තුව කලඹයි ?

    By LFNJune 18, 2023No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබු උසස් නිලධාරියෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන එල්ලවී තිබේ.

    ඒ, පාර්ලිමේන්තුවේ විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්වී විශ්‍රාම වැටුපට අමතරව ඔහු පෙර නිලයේ සම්පුර්ණ වැටුප සහ රථවාහන ඇතුලු අනෙකුත් සියලු පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙනි.

    මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක් පැමිණෙන අතර එලෙස පැමිණෙන සෑම අවස්ථාවකදී ම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබාගන්නා බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

    කෙසේවෙතත් ඔහුගේ එම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද දැඩි විවේචනයට ලක්වී ඇත.

    එමෙන්ම රජයේ ඉහළ ප්‍රධානියෙකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්වී ඇතත් මැතිඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළ කර ඇති බවත් වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (17) මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

    “කලබල වෙන්න එපා.. එහෙම කටයුතු සිදුවෙන්නේ නැහැ. ඔය වගේ කටයුත්තක් වෙනකොට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කමිටුවෙන් තමයි අනුමැතිය ගන්නට අවශ්‍ය. ඒ උපදේශක කමිටුවේ මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සමාජිකත්වය දරන්නේ මම. මීට පෙරත් ප්‍රශ්නයක් තිබුණා. පාර්ලිමේන්තුවේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කරගැනීමේ ඉල්ලීමක් පිළිබඳව. ඒකටත් විවිධාකාර ඉල්ලීම් තිබුණා. හැබැයි අපි කිසිසේත්ම ඒ සඳහා ඉඩක් ලබාදුන්නේ නැහැ. පාර්ලිමේන්තුව විශේෂ ආයතනයක්. හැබැයි මුල්‍යමය වශයෙන් රටේ සමස්ථ නීති හැමකෙනාටම වැදගත් නිසා ඒ අවස්ථාවේ ඒ ඉඩ අපි ලබාදුන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් කියන්නේ.. ඒ කමිටුවට මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගී වෙන නියෝජිතයා හැටියට කිසිසේත්ම.. මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ යටතේ අපි මේ වගේ වෙලාවක එක් පුද්ගලයෙකුට, එක් තැනැත්තෙකුට, එක් නිලධාරියෙකුට වැටුප් දෙකක්, තනතුර දෙකක වරප්‍රසාද ලබාගන්න දායක වෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.