Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි
    Featured

    ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමට සැරසෙයි

    By LFNJune 18, 2023No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පවසයි.

    ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයට පමණක් අදාළ වන විශේෂ හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වා දීම ඊයේ (17) සිදුකෙරුණි.

    එම අවස්ථාවට එක්වෙමින් ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා,

    “එම දුරකථන අංකය හරහා පැය 24ක් තුළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙලාවේ විසඳුම් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙනවා. ඇතැම් ගැටලුවලට දින 3ක නිවේදනයක් දෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දුරකථනයට ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව විශ්වාසවන්තභාවය 100%ක් රැකෙනවා. ඩෙංගු බෝ වෙන අතහැර දාපු ඉඩම් තියෙනවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ආනරක්ෂිත ඉඩමක් කියලා දැනුම් දුන්නොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරනවා.”

    ඒ අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය බලසීමාව තුළ ඇති ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සහ පරිශ්‍රයන් පිළිබඳ තොරතුරු 0777 222 213 අංකයට ඇමතුමක් ලබාදී දැනුම් දිය හැකිය.

    ‍මේ අතර යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මදුරුවන්ගේ ශීඝ්‍ර පැතිරීමක් සිදුවන බවට හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම ප්‍රදේශය තුළ අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.

    2023 වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,269ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.