මැදිරිගිරිය – මිරිස්හේන ධීවර ගම්මානයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට ඊයේ භාර වීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි මිරිස්හේන ගම්මානයේම පදිංචිකරුවෙක්.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීම සඳහා භාවිත කළ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මෙම ඝාතනය සිදුව තිබුණේ පෙරේදා රාත්‍රියේයි.