Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 2025

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුතු රාජා තායිලන්තයට රැගෙන යාමට හේතුව
    Featured

    මුතු රාජා තායිලන්තයට රැගෙන යාමට හේතුව

    By LFNJune 17, 2023No Comments2 Mins Read205 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිත්‍යාගයක් ලෙස තායිලන්තයෙන් මෙරටට ලැබුණු “සක් සුරින්” හෙවත් මුතු රාජා හස්තියා ලබන ජුලි මස පළමුවනදා යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බවය.

    2001 වසරේදී මෙම සක් සුරීන් නමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණි.

    එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

    අලුත්ගම කන්දෙ විහාරයේ රඳවා සිටි මෙම සක් සුරින් නැමැති හස්තියා තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබේ.

    පසුගිය නොවැම්බර් මාසයේදී සත්වෝද්‍යානයට රැගෙන ආ සක්සුරින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණ සිටි අතර පසුගිය සතියේ ද තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණ තිබුණි.

    සත්වෝද්‍යානයට රැගෙන එන අවස්ථාව වන විට එම හස්තියාගේ පාද දෙකක් තුවාල වී තිබූ අතර ඉදිරිපස පාදයක තවත් ආබාධයක් ද පැවති අතර මේ වන විට එම පාදයේ ආබාධය හැර සෙසු තුවාල සුව කිරීමට මෙරට පශු වෛද්‍ය කණ්ඩායම් සමත් වී ඇති බව එම දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේය.

    මේ අතර පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසුවේ මෙරට හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවට මෙවැනි සිද්ධීන් මගින් තහවුරු වන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 2025

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 20250122 Views

    අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල…

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025

    බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.