පැලවත්ත නගරයේ පිහිටි පුද්ගලික වෛද්‍ය ආයතනයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (16) පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වන ගොකරදූව, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතිබවයි වාර්තා වන්නේ.
මරණකරු පාදයේ ඇති තුවාලයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ඉහත පුද්ගලික වෛද්‍ය ආයතනයට ගොස් සිටියදී, වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
අතර මරණකරු නිවසේ නොමැති අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයෙකු මරණකරුට මරණ තර්ජනය කර ඇති බවට පියා විසින් ප්‍රකාශයක්ද ලබාදී තිබෙනවා.