Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවයට
    Featured

    ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් ටැක්සි සේවයට

    By LFNJune 17, 2023No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට ප්‍රථම වරට E-driveආදර්ශවිද්‍යුත්ත්‍රිරෝදරථසේවයමහජනතාවවෙතහදුන්වාදුන්නේය.

    විද්‍යුත් වාහන අනාගතය ලෙස හැදින්විය හැකිය. විද්‍යුත් වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවන අතර පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් වැනි) මත යැපීම අවම කරයි. රටක් ලෙස අප විසින් පිට කරන කාබන් ප්‍රමාණය අඩු කිරීමට එය රුකුලත් වන අතරම ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවන විදේශ විනිමය රැක දීමටද සමත් වේ. මෙම වාහනවලට නඩත්තු සහ එදිනෙදා අලුත්වැඩියාවන් සදහා යන වියදම අවම බැවින් එය රථයේ ගමන් කරන මගියාට සෘජුවම ලබා දෙමින් අවම ප්‍රවාහන ගාස්තුවක් මගියාගෙන් අය කරනු ලැබේ.

    සමාගම විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස E-driveහදුන්වාදී ඇත්තේ ලාබදායී කුලී රථ සේවයක් සැපයීම සදහා පමණක් නොව ශබ්දයෙන් තොර සහ මෙම වාහනයේ දෙදරීමක් නොමැති බැවින් සෞම්‍ය සහ සැප පහසු ගමනක අත්දැකීම මගීන් වෙත තිලිණ කිරීමටය.

    මෙරට තුළ විනයානුකූල කුලී රථ රියදුරු බලකායක් බිහිකිරීමේ අරමුණින් E-drive ප්‍රවාහනසේවයේරියදුරන්ටවිද්‍යුත්වාහනයක්පැදවීමසම්බන්ධයෙන්පමණක්නොවමාර්ගනීතිපිළිබදවමෙන්මවිනීත රියදුරෙකු ලෙස මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධව මනා පුහුණුවක් ලබා දී ඇත. ඊට අමතරව සෑම වාහනයක්ම සමාගම විසින් මධ්‍යම පද්ධතියක් හරහා නිරීක්ෂණය කරනු ලැබේ. රියදුරන් E-drive නිළඇදුමකින්සැරසී සිටිනඅතරගමන්කරනමගීන්ගේදැනගැනීමපිණිසරියදුරුතොරතුරුවාහනයතුළප්‍රදර්ශනයකරඇත. රියදුරුසම්න්ධයෙන්හෝ E-drive සේවාවසම්බන්ධයෙන්ප්‍රතිචාරලබාදීමටදුරකතනඅංකයක්ද ප්‍රදර්ශනය කර ඇත.

    E-driveසම්බන්ධයෙන්අදහස්දක්වමින්ඩේවිඩ්පීරිස්හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්සහඩේවිඩ්පීරිස්ඔටෝමෝටිව්සමූහයේවිධායක අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතා මෙසේ පැවසුවේය. “විද්‍යුත් පරිවර්තනය කළ බජාජ් ත්‍රිරෝද රථය ලියාපදිංචි කිරීමේ පළමු සමාගම වීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙනවා. පරිසර හිතකාමී, ලාබදායක ප්‍රවාහන සේවයක් මහජනතාවට සැපයීම සදහා පමණක් නොව මනා පුහුණුව ලත් විනයානුකූල රියදුරෙකු සමග ආරක්ෂාකාරී ගමනක් මගියාට තහවුරු කිරීම මෙන්ම ත්‍රි වීලර් කුලී රථ සේවයේට නව සම්මතයන් හදුන්වාදීම මේ හරහා අපි සිදු කරනවා.”

    “බජාජ් වාහන පිළිබදව ප්‍රවීණයන් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්ම කරන ලද ඉලෙක්ට්‍රික් පරිවර්තනය පිළිබදව අපි සහතික වන අතර වාහනයට සුදුසු නියම පරිවර්තනය වාහනයේ ගමන් ගන්නා අයට ආරක්ෂාව මෙන්ම පහසුව තහවුරු කරනවා,” යැයි රත්නායක මහතා තවදුරටත් පැවසුවේය.

    ශ්‍රී ලංකාවේ පළමු වරට හදුන්වා දුන් මෙම ත්‍රිරෝද රථ සේවාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පළමුව ක්‍රියාත්මක වේ. ඒ සදහාම ආවේනික වූ සුදු සහ කොළ වර්ණයන් සමග මෙම වාහන පහසුවෙන් හදුනාගත හැකි අතර සදුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 07 සිට ප.ව. 07 දක්වා සේවාව ලබාගත හැකිය.

    මහා මාර්ගයේ ගමන් කරන විට, YOGOඇප්එකහරහා සහ 0777 606077 දුරකතන අංකයෙන් E-driveසේවාවවෙන්කරගතහැකිය.

    මෙම සේවාව සදහා කිලෝ මීටරයකට අය කරනු ලබන්නේ රුපියල් 65ක් පමණක් වන අතර කාර්ය බහුල වේලාවන්වලදී එම ගාස්තුව වෙනස් නොවේ. මෙම ත්‍රිරෝද රථ සේවය භාවිත කරන අයට මුදලින් හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් හරහා පහසුවෙන්ම මුදල් ගෙවීමේ හැකියාව හිමිවීම මෙම සේවයේ සුවිශේෂී පහසුකමක් ලෙස හැදින්විය හැකිය. පළමුව සමාගම විසින් බජාජ් ත්‍රිරෝද රථ 20ක් මෙම නියමු ව්‍යාපෘතිය සදහා විද්‍යුත් පරිවර්තනය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.