එක්සත් ජනපද ඩොලරයක අද (15) ගැනුම් මිල රු. 311.60 ක් දක්වාත් විකුණුම් මිල රු. 328.92 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ ද ඩොලරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබූ අතර එය රුපියල් 9.77ක අගයක් බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් වෙනස් වී තිබූ වාර්තා වෙනවා.
ඒ අනුව මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 313.46 අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 328.20 ලෙසයි.
ලංකා බැංකුවේ එම අගය රු. 315.00 ලෙස හා විකුණුම් මිල රු. 335.00 ලෙස වෙනස් වුණා.
සම්පත් බැංකුව එම අගයන් වාර්තා කර තිබුණේ රු. 311.28 හා රු. 328.00 ලෙසයි.
NDB හි ඩොලරයේ ගැනුම් මිල රු. 307.00 වූ අතර එහි විකුණුම් මිල රු. 327.00 ලෙස වාර්තා වී තිබෙනවා.
එමෙන්ම HNB හි එම අගයන් රු. – රු. 313.00 හා රු. 330.00 ලෙස ප්රදර්ශනය කර තිබූ බවයි වාර්තා වන්නේ.