Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් එක අද සිට ගෙදරටම එන හැටි
    Featured

    පාස්පෝට් එක අද සිට ගෙදරටම එන හැටි

    By LFNJune 15, 2023Updated:June 15, 2023No Comments2 Mins Read234 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය.

    මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසීය.

    නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වන බව ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Online ඔස්සේ ඔබේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න…

    * www.immigration.gov.lk වෙත පිවිසෙන්න.

    * ඔබේ ජංගම දුරකථනයට ලැබෙන මුරපදය ඇතුළත් කරන්න.

    *අදාළ ලේඛනවල මුල් පිටපත් Scan කර ඇතුළත් කරන්න.

    *නියමිත මධ්‍යස්ථානයට ගොස් ඇඟිලි සලකුණු ලබාදෙන්න.

    ඇඟිලි සලකුණු ලබාගැනීමෙන් පසුව හදිසි සේවාවන් ඔස්සේ දින 3කින් හෝ සාමාන්‍ය සේවාව ඔස්සේ දින 14කින් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කරනු ඇත.

    0112 101 500 අංකය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත හැකි බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.

    එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින් දැක්වේ.

    අම්පාර – සමන්තුරේ, පොතුවිල්

    අනුරාධපුර – නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන

    බදුල්ල – මහියංගනය, හපුතලේ

    මඩකලපුව – කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි

    කොළඹ – සීතාවක, හෝමාගම

    ගාල්ල – කරන්දෙණිය, අක්මීමන, නෙළුව

    ගම්පහ – මීගමුව, මීරිගම, ගම්පහ

    හම්බන්තොට – තංගල්ල, තිස්සමහාරාමය

    යාපනය – චාවකච්චේරි, පේදුරුතුඩුව

    කළුතර -ඉංගිරිය, මතුගම, පානදුර

    මහනුවර – ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය

    කෑගල්ල – ගලිගමුව, රුවන්වැල්ල

    කිළිනොච්චිය -කරච්චි

    කුරුණෑගල – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය

    මන්නාරම – මන්තායි බටහිර

    මාතලේ – නාවුල

    මාතර – අතුරලිය, දෙවිනුවර

    මොනරාගල -බුත්තල

    මුලතිව් – මුලතිව්

    නුවරඑළිය – අඹගමුව, වලපනේ

    පොළොන්නරුව – ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

    පුත්තලම -පුත්තලම, හලාවත

    රත්නපුර – බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

    ත්‍රිකුණාමලය – කින්නියා

    වව්නියාව – වෙංගල සෙට්ටිකුලම

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.