බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663 ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට එම දෙපාර්තමේන්තුවට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 ක්.
එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම කරුණු අනාවරණ වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී එම කාරකසභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ සමස්ථ සේවක සංඛ්‍යාවේ වැඩි වීමක් අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.