Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට
    Featured

    යුද හමුදා වෛද්‍යවරු ගිනස් වාර්තා අතරට

    By LFNJune 14, 2023No Comments2 Mins Read248 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ යුද හමුදා රෝහලේදී පසුගිය දා සිදුකළ ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

    එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මයේ සිදුකරනු ලැබීය.

    ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහාය දක්වා තිබේ.

    යුද හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින මෙම සැත්කම සිදුකර ඇති අතර, මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372ක් දිග සහ ග්‍රෑම් 801ක් බරින් යුක්ත වේ.

    ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශල්‍යකර්මය සිදුකළ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් විසින් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාධිපතිට පෙන්වා තිබේ.

    ගිනස් ලෝක වාර්තාවට අනුව, ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවෙදී කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිග වේ.

    බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර, එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.