Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අභියෝග භාරගන්න හැටි නවීන් කියයි
    Featured

    අභියෝග භාරගන්න හැටි නවීන් කියයි

    By LFNJune 13, 2023No Comments1 Min Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමාට හිමි වූ බලතල පාවිච්චි කර සබරගමු පළාතට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසීය.

    සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.

    ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි තමාට එම තනතුර ලබාදුන් බවත් එය කැබිනට් අමාත්‍ය ධුරයක් හා සමාන බලතල ඇති බවත් නවීන් දිසානායක මහතා පැවසීය.

    “ජනාධිපති තුමාගෙන්ම තමා අපි අභියෝගවලට මුහුණදෙන්න ඉගෙනගත්තේ. යම් තැනකට ගිහින් ඒ අභියෝගය භාරගන්න අවශ්‍යයි. විශේෂයෙන් මුල්‍ය අර්බුදයක් තිබෙන අවස්ථාවක රජයේ වියදම් කපාහරින අවස්ථාවක මම බලාපොරොත්තු වනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන කේෂ්ත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වගේ කාලයක් තුළ මම ලබන ජයග්‍රහණයක්. මම හැමවෙලේම සුබවාදීව බලන පුද්ගලයෙක්. රට දවසින් දවස හොඳ අතට හැරෙනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒවා එකින් එක හදාගන්න ඕනේ. මේක දෛවෝපගත සිද්ධියක්. මගේ පියා තමා පළාත් සභා හඳුන්වා දුන්නේ. එයාගේ පුතා විදියට මම ආණ්ඩුකාරයෙක් වීම දෛවෝපගත සිදුවීමක්. මම බලාපොරොත්තු වෙනවා උපරිම වශයෙන් සබරගමු ජනතාවට සේවය කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.