රෝහල්ගතවූ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බද්දේගම රෝහලට ගොස් තිබේ.
ඒ වෙඩි වැදි පළාගිය වරෙන්තුකරුවෙකු යැයි සැක සිතීම හේතුවෙනි.
පසුව ඔහුට තුවාල සිදුවී ඇත්තේ වෙඩිවැදීමකින් නොවන බවට අනාවරණයවීම හේතුවෙන් අදාළ අත්අඩංගුවට ගැනීම සිදු නොකළ බව වාර්තා වෙයි.
මත්කුඩු හා රථවාහන වැරදි සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ඌරගස්මංහන්දිය, ඇලකාන දියකඩිත්ත ප්රදේශයේදී පොලීසිය ඊයේ (12) වෙඩි තබා තිබුණි.
පොලීසිය පැවසුවේ, සැරයන්වරයෙකුගේ ගිනිඅවිය සැකකරු උදුරාගෙන ඇති අතර, එහිදී ඇතිවූ පොරබැදීම අතරතුර කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් අයෙක් සැකකරුට වෙඩි තබා ඇති බවය.
වෙඩි වැදුණු සැකකරු පළාගොස් ඇති අතර, සැකකරු සොයා විමර්ශන ක්රියාත්මකය.
මෙලෙස වෙඩිවැදී ඇත්තේ තුඩුව, හබරගල පදිංචි පුද්ගලයෙකුටය.