පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17ක් වයසැති සිසුවකු ලග්ගල තෝරපිටිය වැවේ නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ ආර්.පී. ගයාන් මදුෂාන් නැමැති සිසුවෙකි.
මෙම විනෝද චාරිකාවට සිසු සිසුවියන් සමඟ උපකාර පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකු සහ එම දරුවන්ගේ මවුපියන් කිහිප දෙනකු ද ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
දියේ ගිලී මිය ගිය මෙම සිසුවා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටි අයෙකි.