කිරුලපන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප්පයක් කුහරයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද(12) කිරුලපන පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන තිබෙනවා.
එම පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් සැකකටයුතු යමක් තාප්ප කුහරයක් තුළ තිබෙන බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කරන ලද සෝදිසියක දී මෙම බෝම්බය සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
එම ප්රදේශයට ආරක්ෂාව යොදවා බෝම්බ නිෂ්ක්රීය අංශය කැඳවීමට කිරුලපන පොලිසිය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.