නිවෙස්වලට ඇතුළු වී ගිනි අවි පෙන්වා කොල්ලකෑම් සිදුකළ සිදුවීම් දෙකක් ඌරුබොක්ක සහ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වෙනවා.
ඌරුබොක්ක පොලිස් වසමේ ව්‍යාපාරිකයකුගේ නිවෙසට පැමිණි ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනකු නිවැසියන් කාමරයකට දමා රුපියල් ලක්ෂ 98ක් මුදල් හා ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ ගැටහැත්ත ග්‍රාමයේ නිවෙසකට ගිනිඅවි රැගෙන ඇතුළු වූ පුද්ගලයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන දෙකක් හා කැමරාවක් ද රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.