ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබුණා.
මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාව කාර්යාංශය වෙත ඊයේ කැඳවා සිදුකළ විමර්ශනයේදී වලංගු බලපත්රයක් නොමැතිව මුදල් ලබාගෙන ඇති බවට හෙළි වී තිබෙනවා.