වෙලම්බොඩ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් ඊයේ (08) සවස නිවෙස බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියකට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු දැන්පිටිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී පිහියකින් ඇන තුවාල සිදු කර පලාගොස් ඇතැයි වෙලම්බොඩ පොලිසිය සඳහන් කරනවා.
තුවාල ලැබූ පාසල් සිසුවිය මුලින්ම බඹරදෙණිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම සිසුවිය සහ ඇයගේ පෙම්වතා බව කියන තරුණයා අතර ඇතිව තිබූ ආරවුලක් මත මෙවැන්නක් සිදු කර ඇතැයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
පෙම්වතියට පිහියකින් ඇන පලා ගිය මෙම පෙම්වතා බව කියන තරුණයා අත්අඩංගුවට ගැනීමට වෙලම්බොඩ පරීක්ෂණ පවත්වන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ.