Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සා පෙළ දැරියට උදව් කළ පොලිස් නිලධාරියාට ඇගයීමක්
    Featured

    සා පෙළ දැරියට උදව් කළ පොලිස් නිලධාරියාට ඇගයීමක්

    By LFNJune 8, 2023No Comments2 Mins Read226 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වගෝනපොළ ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් සඳහා පැමිණි දැරියකට යළි විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඒමට සහාය වූ පොලිස් නිලධාරියා පොලීසිය විසින් ඇගයීමට ලක්කර තිබේ.

    ඒ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදීය.

    ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් කුලරත්න සහ ඊට අවසර දුන් මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න යන නිලධාරීන් අද පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට කැඳවා තිබුණි.

    වසර 11ක පාසල් අධ්‍යාපනයේ දැනුම උරගා බැලෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, දරුවෙකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කඩඉමකි.

    ගණිත විෂය, එම තීරණාත්මක කඩඉමේ සමස්ත ප්‍රතිඵලයටම බලපාන විෂය ධාරාවකි.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ දිනය වෙන්ව තිබුණේ, තීරණාත්මක ගණිතය විෂය වෙනුවෙන්ය.

    සුපුරුදු පරිදි, මොරගහහේන ගෝනපොළ පලන්නෝරුව මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට, මොරගහහේන පොලීසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් සැරයන් ඒ. කුලරත්න මහතා ඊයේ දිනයේත් සේවයේ නිරතව සිටියේය.

    හදිසියේම නිලධාරියා අසළට පැමිණි පාසැල් දැරියක්, හඬා වැටෙමින් පවසා තිබුණේ තමා සාමාන්‍ය පෙළ ගණිත විෂය සඳහා දෙවැනි වර අයැදුම්කාරියක් වන අතර, තම විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඒමට අමතක වූ බවය.

    සිසුවියගේ එම දුක්බර වදන් පෙළ හමුවේ නිරායාසයෙන්ම සිය අත් ඔරලෝසුව දෙස බැලූ නිලධාරියා, ඒවන විට වේලාව පෙරවරු 8 පසු වී මිනිත්තු 22ක් බවත්, විභාග ආරම්භයට තවත් මිනිත්තු 8ක් පමණක් ඉතිරිව ඇති බවත් ඔහුට නිරීක්ෂණය විය.

    නිලධාරියා එසැණින් ක්‍රියාත්මක වී, ඒ වනවිට පාසල් පරීක්ෂණ කටයුතු සඳහා එහි පැමිණ සිටි මොරගහහෙන පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුවීම සැළ කළේය.

    පසුව, ඔහුගේ අවසරය සහිතව වහා ක්‍රියාත්මක වූ කුලරත්න මහතා, දැරිය සිය රාජකාරි යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි දැරියගේ නිවස වෙත කැටුව ගියේ ඇයට පිහිටක්වීමේ උදාර අරමුණින්ය.

    එහෙත්, එහිදී දැනගන්නට ලැබෙන්නේ දැරියගේ විභාග ප්‍රවේශපත්‍රය නිවසේද නොමැති බවය.

    වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා, දැරිය නැවතත් විභාග මධ්‍යස්ථානය වෙත කැටුව යන්නේ ශාලාධිපතිවරයාට මේ පිළිබඳ දැනුම් දෙන ලෙස දැරියට උපදෙස් දෙමින්ය.

    කෙසේ හෝ, විභාගය ආරම්භයට පෙර දැරිය යළි විභාග ශාලාවට කැටුව යෑමට ඔහු සමත් වුණි.

    ඒ අනුව, දැරියට විභාගයට මුහුණ දීමට අවස්ථාව සැලසෙන්නේ දැරිය අධ්‍යාපනය ලැබූ විදුහලේ විදුහල්පතිවරයාගේද මැදිහත්වීමෙනි.

    රාජකාරියට එහා ගිය මිනිසත්කම පෙරදැරිකරගත් මෙවැනි නිලධාරීන් සමාජයට මහත් ආදර්ශයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.