වාද්දුව වෙරළතීරය ආශ්රිතව දැවැන්ත කිඹුලෙකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී ඇති බව වාද්දුව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් වෙරළතීරය අවට අනාරක්ෂිත ස්ථානයන්හි ගැවසීම සිදුනොකරන ලෙස ජනතාවගෙන් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
අදාළ කිඹුලා අඩි 12ක පමණ දිගින් යුතු බවද ප්රදේශවාසීන් පවසයි.
මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කිඹුලා මුහුදේ සැරිසරණ බවට අනාවරණය වීමත් සමඟ ධීවරයින්ද සිය කටයුතුවලින් ඈත්ව සිටින බවය.
වාද්දුව පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවය.