Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැද පෙරදිගදී අසරණ වූ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට
    Featured

    මැද පෙරදිගදී අසරණ වූ කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

    By LFNJune 8, 2023No Comments3 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටියදී පීඩාවන්ට පත්වන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය ලබාදීම සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

    ඕමානයේ ගෘහ සේවයට ගොස් හිරිහැරයට ලක්ව අතරමංව සිටින වවුනියාවේ පදිංචි සෙල්ලයියා කාලි අම්මා නමැති කාන්තාවක් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් මෙම පෙත්සම ගොනුකළේය.

    එහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ. ඒ. එම්. හිල්මි ඇතුළු එහි අධ්‍යක්ෂවරු, කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර, එම අමාත්‍යාංශ ලේකම්වරයා, ඕමානයේ තානාපති අමීර් අජ්වාඩ් ඇතුළු එකොළොස් දෙනෙක් නම්කර තිබේ.

    පෙත්සම්කාර කාලි අම්මා නමැති කාන්තාව 2022 වසරේ අප්‍රේල් මස ගෘහ සේවය සඳහා ඕමානයට ගිය බවත් ඕමානයට යාමට පෙර ඇය ලෙබනනයේ අවුරුදු 06ක් ද කුවේටයේ අවුරුදු 03ක් ද ගෘහ සේවයේ නිරත වී ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    ඕමානයේ නිවසක මෙහෙකාර සේවයට ගිය පසු එම නිවසේ දී ඇය තාඩන පීඩනවලට පත්වූ බවත් ඇයගේ වැඩ අසතුටුදායක බව සඳහන් කරමින් ඇයව නිවසින් පිටත් කිරීමට එම නිවසේ හාම්පුතුන් කටයුතු කළ බවත් එහි සඳහන් වේ.

    ඉන් අනතුරුව අදාළ කාන්තාව ඕමානයේ පිහිටා ඇති ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර එහි අගතියට පත් කාන්තාවන් 30 දෙනෙකු පමණ සිටි බවත් එහි සිටින කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්වන අතර ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබේ.

    පසුව කාලි අම්මා ඇතුළු එහි රැඳී සිටි කාන්තාවන් විරෝධතාවයක් ආරම්භ කළ අතර ඉකුත් මැයි මස 25 වනදා ඔවුන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙම කාන්තාව නැවත ලංකාවට ගෙනැවිත් දෙන ලෙස වව්නියාවේ පිහිටි විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශ කාර්යාලයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ඉල්ලීම් කළ බවත් ඒ සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ පසුව රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදෙන ලෙස එහි නිලධාරීන් ඉල්ලා සිටි බවත් එතරම් මුදලක් ඇයගේ පවුලේ සාමාජිකයින් සතුව නොමැති බවත් පෙත්සමේ සඳහන් කොට තිබේ.

    මෙම කාන්තාවට නීතිමය සහායක් ලබාගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් අදාළ කාන්තාව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයෙන් අයැද සිටි.

    එමෙන්ම ඇයට එරෙහිව ඕමානයේ පැවැත්වෙන නඩු කටයුතුවලදී නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය සහාය ලබාදීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සමින් අයැද තිබේ.

    මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැවරී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර නීතීඥවරයා මෙම ක්‍රියාව තුළින් කාලි අම්මා නමැති කාන්තාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.