Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොළොව අයිතිකරගත් රාජ්‍ය ආයතනයේ කෙරුවාව
    Featured

    පොළොව අයිතිකරගත් රාජ්‍ය ආයතනයේ කෙරුවාව

    By LFNJune 8, 2023No Comments2 Mins Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන අතිශය අප්‍රසාදය පළකරන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඊයේ සඳහන් කළේය.

    තෙවැනි වරටත් එම ආයතනය කෝප් කමිටුව හමුවට ඊයේ (07) කැඳවා තිබූ අතර එහිදී අනාවරණය වූයේ අනීතික ලෙස බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවය.

    රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් මෙම ආයතනයේ ක්‍රියාකලාපයට එරෙහිව ලැබී ඇති බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය.

    මේ අතර විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් සභාපතිවරයාගේ දැඩි දෝෂදර්ෂණයට ලක්විය.

    මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය සිදුකිරීමට නොහැකි වී ඇති බව නිලධාරීහු පැවසූහ.

    කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අයකරන ගාස්තු ප්‍රතිශතය ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීමට මෙහිදී උපදෙස් දෙන ලදී.

    එමෙන්ම කාර්යාංශය විසින් බලපත්‍ර නිකුත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පනතට අනුකූල නොවන බවත් අත්තනෝමතික බවත් මෙහිදී සාකච්ඡා විය.

    නිකුත් කරන ලද බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අත්තනෝමතික ලෙස අවලංගු කර ඇති බවත් මෙහිදී අක්‍රමිකතා සිදුව ඇති බවට නිරීක්ෂණය වන බවත් කෝප් කමිටුවේදී අනාවරණය විය.

    බලපත‍්‍ර නිකුත්කිරීමට කාර්යාංශයට බලතල ලබාදී ඇතත් තවමත් බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයදුම්පත් යොමු කරමින් පවතින බවත් අනාවරණය විය.

    මෙමගින් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය අභියෝගයට ලක්වීම පිළිබඳව කමිටු සාමාජිකයෝ දැඩි කනස්සල්ල පළ කළහ.

    කාර්යාංශය තුළ සිදුවන සියලු අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන නීති නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි නියෝගයක් ලබා දුන්නේය.

    තවද, ආයතනය තුළ සිදුවන කටයුතු සොයා බැලීමට දැනටමත් කෝප් කමිටුව විසින් පත් කර ඇති අනු කමිටුව ක්‍රියාත්මක කිරීමට ද අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.