Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙට් ස්කෑන් අර්බුදය ට ඉන්දියාවෙන් ලැබුණු විසඳුම
    Featured

    පෙට් ස්කෑන් අර්බුදය ට ඉන්දියාවෙන් ලැබුණු විසඳුම

    By LFNJune 7, 2023No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා (06) ප්‍රකාශ කළේය.

    ඒ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අදාළ යන්ත්‍ර විශාල මුදලක් ගෙවා මිලදී ගත් බවටත්, කොමිස් මුදල් ඉලක්ක කෙරුණු බවටත් ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ ජනතාව නොමඟයවන සුලු අසත්‍ය ප්‍රචාර බවය.

    මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනික ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතයෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සංගම් (05) අනාවරණ කර තිබුණි.

    අද කැබිනට් මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළේය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

    “මේ රසායනිකය ලබාදෙන යන්ත්‍රය පෙට් ස්කෑන් යන්ත්‍රයත් සමග පරිත්‍යාගයක් ලෙස ලැබුණු යන්ත්‍රයක්. මේ යන්ත්‍රයේ කටයුතු නැවතුනා කියලා පෙට් ස්කෑන් එකක්වත් නතර කරලා නැහැ. මේ යන්ත්‍රයට අවශ්‍ය දේවල් අපි අදාළ සමාගමෙන් ඇණවුම් කරලා තියෙනවා. ඒක ලැබීමේ ප්‍රමාදයක් තියෙන්නේ.”

    එසේම මෙම ක්‍රියාවලිය පිටුපස කොමිස් මුදල් පිළිබඳ අපේක්ෂාවන් පැවති බවට වෘත්තිය සංගම් ඊයේ කළ ප්‍රකාශයට අද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

    “මේක පරිත්‍යාගයක්. කවුරුවත් දීපු එකක් නෙමෙයි. මේ කතා කරපු අයට ඒ ගැන සියලු අවබෝධයන් තියෙනවා. ඉතාමත්ම පැහැදිලිව ඔවුන්ගේ තිබෙන වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මේ විදියේ ප්‍රකාශයන් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    අධිකරණය ඉදිරිපිටදී සිව්දරු මව ඝාතනය කල සැමියා

    March 25, 202603 Views

    ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව ගල්ගමුව පොලිසිය…

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026

    යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.