Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන්ගේ සිද්ධිය ගැන මාධ්‍ය හමුවක්
    Featured

    පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන්ගේ සිද්ධිය ගැන මාධ්‍ය හමුවක්

    By LFNJune 6, 2023No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයක් හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන්ගේ විදෙස් ගමනට කටුනායක ගුවන්තොටුපොලේදී අවහිරතා සිදුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම පවසයි.

    එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඊයේ (05) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

    මෙරටට වැඩම කර සිටි ලෝක ප්‍රකට විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්ම හිමියන් මැයි 31 වනදා යළි මෙරටින් වැඩම කරන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී පැය කිහිපයක ප්‍රමාදයකට ලක්වී අපහසුතාවට පත්වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණි.

    ගුවන්තොටුපොල බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා සහ මෙරට නායක ස්වාමීන් වහන්සේ කිහිපනමක් ඇතුළු පිරිසක් විදෙස්ගතවීමට පැමිණි එම අවස්ථාවේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ කාර්යබහුල වාතාවරණයක් පැවති බවය.

    මේ නිසා ඇතිවූ ප්‍රමාදය හමුවේ උන්වහන්සේ ගමන්ගැනීමට නියමිතව සිටි සිංගප්පූරු යානයට නංවාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    මේ නිසා ගුවන් තොටුපොළ සේවා කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් උන්වහන්සේට ඔස්ට්‍රේලියාවට ගමන්ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කඩිනමින් පහසුකම් සලසා දුන් අතර උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ දේශනයක් අතරතුර පැවසුවේ එවන් තත්ත්වයක් යළි ඇති නොවන පරිසරයක් ශ්‍රී ලංකාව නිර්මාණය කළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 20250119 Views

    ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.