Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රථිලාභ ලබමින් රටතුල කරගෙන යන හමුදා විරෝධී රැල්ල.
    Featured

    අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රථිලාභ ලබමින් රටතුල කරගෙන යන හමුදා විරෝධී රැල්ල.

    By LFNJune 4, 2023Updated:June 5, 2023No Comments4 Mins Read360 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පැවති ඊළාම්වාදී යුද්ධයෙන් පසු ඒවැනි සාපතර යුගයක් පැවති බවට අමතක ඉතිහාසයෙන් පාඩමක් නොගත් ජාතියක් අද මෙරට ජීවත් වන බව ඇතැම් කීබෝඩ් වීරයන්ගේ සාමාජගත කිරීම් හමුවේ අනාවරණය වේ. ඒ සදහා ආසන්න හොදම උදාහරණයක් තමයි මෙි දින වල සමාජ මාධ්‍ය තුල සුරංග පෙරේරා නැමති මුදලට කහින පුද්ගලයා විසින් පල කර ඇති රෙන්ජ් රෝවර් කථාව.

    ප්‍රභාකරන් මැරුණට පස්සේ කණගාටුවන සිංහළයන්ද මෙරට වෙසෙන බව හුදෙක් මෙවැනි තත්වයන් තුල අවධාරණය වන අතරම පැවති අරගල කාලය තුල හමුදාවේ තත්වයන් වැරදි ලෙස හුවා දක්වමින් මෙරට අරක්ෂක හමුදාවන් අඩපන කිරීමෙි කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වු බව මෙි වන විට නොරහසකි.

    මෙි අතර රූපවාහිණි වැඩසටහන් වලට සම්බණ්ධ වෙමින් ආර්ථික පිඹුරුපත් හදන ඇතැම් විද්වතුන් යැයි කියාගන්නා අය 150000 කට අඩු හමුදාවේ බටපිරිස් ප්‍රමාණය රටට බරක් යැයි ගණන් හදන්නේ රටෙි ජනතාවගේ ආරක්ෂාව, ඔබගේ සුරක්ෂිතතාවය පසෙක තබාද යන්න දෙතුන් වතාවක් නොව සිය වතාවක් සිතිය යුතුය යන්න අපගේ මතයයි.

    මොකද ආරක්ෂාව නැති රටක ආර්ථිකය පවතීද යන්න 2009ට පෙර මෙරට ජීවත් වුවෙක් නම් හැගෙන්නම ඕන දෙයක්. වෙනත් රටවල හමුදාවන් සංසන්දනය කරමින් ඒවාහි පවතින හමුදාවන් පිළිබදව සංඛයාත්මකව කථා කරන අය ඒ රටවල්වල අධි තාක්ෂණික ආරක්ෂක ක්‍රමවෙිදයන් සදහා මුදල් වෙන් කරන ආකාරය ගැන දැනුවද්ද යන්න අපට නම් ගැටළුවකි. එහිදි එක් සෙබළෙක් සදහා වෙන් කරන මුදල අපේ රටේ සෙබළන් 20කට 30කට යන වියදමට සමාන තත්වයක් බව ඔය විද්වතුන් අවබෝධ කර ගෙන නැද්ද? නැත්නම් එම කරුණු ප්‍රසිද්ධ කිරීම වසං කරනවාද යන්න සිතා බැලිය යුතු තත්වයකි.

    බ්‍රතාන්‍ය, සිංගප්පූරුව වැනි තාක්ෂණයෙන් දියුණු රටවල් අධිතාක්ෂණික ආරක්ෂක ක්‍රමවේදයන් සදහා අති වීශාල මුදලක් සිය වාර්ෂික අයවැය මගින් වෙන් කරන බව ඔබ අසා නොතිබෙිද? ඒ රටවල් එහෙම කරනකොට තාක්ෂණික ආරක්ෂක ක්‍රමවෙිදයන් අවම ලංකාවෙි ආරක්ෂාව මෙි වන විට තහවුරු කර ගන්නේ 150000 කට අඩු හමුදාවේ භට පිරිස් ප්‍රමාණයක් යොදවා ගනිමින් බව දැනට අරක්ෂිතව ජීවත් වන ඔබ අප සුරංග පෙරේරලාට
    https://www.facebook.com/suranga.perera.35?mibextid=ZbWKwL ටිවි ෂෝ කරන අයට සහ අධිරාජ්‍යවාදීන්ගේ අතකොළු බවට පත්ව ඇති දේශද්‍රෝහින්ට කියා දීමට අවශ්‍ය නොවෙිද?‍
    කරණු කෙසේ වෙතත්, මෙරට සංවර්ධන නිළධාරීන්, සමෘර්ධී නිළධාරීන් ලෙස නම් කරමින් රැකියා දස දහසකට වැඩි ප්‍රමාණයක් ලබා දෙමින් විරැකියාව නැති කරන්න පසුගිය සමයේ කටයුතු කලද ඔහුන්ගෙන් රටට සමාජයට සපලදායි සේවයක් වෙනවාද? ඔබත් රාජ්‍ය ආයතනයකට, AGA ඔෆිස් එකකට ගිය අයෙක් නම් එවාගේ අකාර්යක්ෂමතාව අත් විද ඇත. හවස හතරට ආසන්න වෙලාවක ගිහින් බැලුවොත් ඔබට අත්‍යවශ්‍ය සේවාවක් කර ගන්න පුළුවන් වෙයිද? පොළ දවසට ඒ අවට රාජ්‍ය අයතනවල කාර්යමණ්ඩලය වැඩක් කරනවාද?……., දුමිරිය සේවකයින්, ගුරුවරු, වරාය, විදුලි, ඛනිජ තෙල්, වෛද්‍යවරු ඇතුළු මෙරට වෘතීය සමිති වර්ජනය කරනකොට‍ ආර්ථිකයට වන හාණිය පිළිබදව, ඒවාගේ වැරදි හදාගන්න හෝ කරණු ඉදිරිපත් කිරීමට ඔය විද්වතුන්ට, කීබෝඩ් වීරයන්ට පෝස්ට් දානන හිතෙන් තැතිව හමුදාවෙි පිරිස් ප්‍රමාණය පමණක් රටට බරක් ලෙස උලුප්පා දක්වමින් කටයුතු කිරීම ත්‍රස්තවාදයේ හෝ යම් ජාත්‍යන්තර බලවේගයක සැගවුන රහසක් ද යන්න පිළිබදව අපට නම් පැහැදිලි සැකයක් ඇත. රටක් ලෙස අප ඒ පිළිබදව විමසා තිබේද? කවුරු කිනම් අරමුණ සදහා එවන්නක් සමාජගත කිරීමට තැත් කරන්නේද යන්න සොයා බැලිය යුතු තත්වයක් නොවේද?

    මෑතකදී හමුදාවේ රේන්ජ් රෝවර් එකක් පාරේ යනවා දැක්ක සුරංග පෙරේරා වැනි අයට මහාචාර්යවරයෙක්, විශේෂඥ වෛ‍ද්‍යවරයෙක් , ඉංජිනේරුවෙක් , නීතීඥයෙක් වගේම රටේ වෙනත් පුද්ගලයෙක් රේන්ජ් රෝවර් පදිනවා නොපෙනී හමුදාවේ අංක තහඩුවක් පමණත් විෂේශයෙන් දැකීම සුරංගලාගේ දැකීමේ මොකක් හරි වැරැද්දක් බව මෙය දකින ඔබ සිතිය යුතු තත්වයක්……..
    හමුදාවෙි දැනට සේවය කරන විශේෂඥ වෛ‍ද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, අධි නීතීඥයෙක්, ඉහළ නිළධාරියෙකු හෝ හමුදා සේවයේ නිරත ධනවතෙකුගේ පුතෙක් රේන්ජ් රෝවර් එකක් හෝ වෙතක් සුකෝපභෝගී අයිතම් භාවිතා කිරීම අස්සභාවික තත්වයක්ද? කෙසේ වුවත් මෙරට ජනතාව මෙවැනි තත්වයන් පිටුපස සිටිනා පුද්ගලයින් කණ්ඩායම් පිළිබදව ගැඔුරින් සිතිය යුතුය…….මොහුන් මෙරට ජනිත දෙමාපියන්ට දාව උපන් දරුවන්ද යන්න දෙවරක් සිතිය යුතු තත්වකි……….හිතන්න….. ජාතියේ ප්‍රගමනය සහ ලංකීකයන්ගේ අනාගතය ගැන …..මෙික කියන අපට ඇත්තේ ඒ ගැන අසීමිත සැකයක්……
    2008 වර්ශයේදී FBI ශේණිගත කිරීම් වලට අනුව ලොකයේ ප්‍රබලම තුස්තවාදී සංවිධානය වුනේ LTTEය. එහෙවු තුස්තවාදී සංවිධානයක් පරාජය කල හමුදාවක් අද අර්ථිකයට සම්බණ්ධ කරමින් විකෘර්තිකයක් සමාජගත කරන්නට හදන්නේ රටෙි අනාගත ආරක්ෂාව ගැන තහවුරු කර ගෙනද? ඔබට ඔබේ දරුවාට රටෙි ඉදිරියට නිදහසේ ඉන්න අවකාශය ඔය කියන ක්‍රමවෙිදයන්, කථා තුල පවතිනවාද යන්න ඔබ අද තීරණය කල යුතු තත්වයක්.

    අපගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙරට හමුදාවන් රැකගන්නවාද යන්න මෙි වන විට ජනතාව වන අප සිතා බැලිය යුතුම තත්වයක් වන අතරම අධිරාජ්‍යවාදී සහ වෙනත් පාර්ශ්‍රවයන්ගේ උවමානා සපල කිරීමට අවස්ථාව දී නීදාගත් නිවටයෙකු වීමට ඔබත් කැමතිද? අපේ රටෙි තස්ත්‍රවාදය, අන්තවාදය, ආක්‍රමන දැන් ඉවරයිද? ආසන්නම ප්‍රබල රාජ්‍යන් වලින් නිර්මාණය කරන ත්‍රස්තවාදී තර්ජනයන් නැවත මෙරටට සිදු නොවෙිද? රටක ආරක්ෂක හමුදාව, ආරක්ෂාව යනු එකිනෙකට සම්බණ්ධ ප්‍රමුඛස්ථානය දියයුතු වැදගත් කරුණක් නොවේද? ලෝකයේ වෙනත් රටවල් තමන්ගේ හමුදාවන්වලට ප්‍රමුඛස්ථානය නොදෙන්නේද? එසේ නොදෙන රටවල් තිබේනම් අපගේ දැනුම වර්ධනය කරගැනීම සදහා සදහන් කරන්නේනම් අපි ඔබට කෘතඥ වෙන්නෙමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.