Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය බැංකුවේ රන් කොල්ලය කොටුවෙයි
    Featured

    රාජ්‍ය බැංකුවේ රන් කොල්ලය කොටුවෙයි

    By LFNJune 2, 2023No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය පවසන්නේ ඒ අතර එහි නියෝජ්‍ය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සේවා සහායකද සිටින බවය.

    ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණි.

    විමර්ශන කණ්ඩායමක් ඒ අනුව එම ප්‍රදේශයට ගොස් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

    එහිදී හෙළිවී තිබුණේ පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් මස දස වනදා උකස් තැබූ තම රන් භාණ්ඩ නැවත උකස් තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා අස්ථානගතවී තිබීම හේතුවෙන් එම බැංකුවේ රන් භාණ්ඩ අස්ථානගත වී ඇති බවට පළමුව අනාවරණ වී ඇති බවය.

    එදිනට පසුදිනම බැංකුවේ සේවකයන් සේප්පු පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී රන් භාණ්ඩ අඩංගු පැකට් 13 ක් අස්ථානගතවී ඇති බව හෙළි වී තිබේ.

    එලෙස අස්ථානගතවී ඇති රත්‍රංවල බර ග්‍රෑම් 873 කි.

    එහි වටිනාකම රුපියල් කෝටි 2 ක් පමණ වන බවයි වාර්තාවෙයි.

    සිදුවීම සම්බන්ධයෙන් බැංකුවේ නියෝජ්‍ය කළමනාකරුගේ සේවය අත්හිටුවීමට බැංකු කළමනාකාරීත්වය කටයුතු කර තිබේ.

    ඔහුගෙන් ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ, එම නිලධාරියා සමග බැංකුවේ සේවය කරන තවත් කාන්තාවන් දෙදෙනෙක් ද ස්වර්ණාභරණ අස්ථානගත වීමට සම්බන්ධ බවය.

    තමා සමග එක්ව මෙම සොරකම සිදුකර ඇත්තේ බැංකුවේ මෙහෙයුම් කළමනාකාරිණිය හා සේවා සහායකවරිය බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත.

    පසුව සැකකාරියන් දෙදෙනා ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් පවසා ඇත්තේ, බැංකුවේ කළමනාකාරවරයා නොමැති දින තුනකදී තමන් සතුව තිබූ සේප්පු යතුරු භාවිත කර රත්‍රං ලබාගත් බවය.

    පළමුව රත්‍රන් අඩංගු පැකට් 5 ක් දෙවැනි සහ තෙවැනි අවස්ථාවලදී රත්‍රන් අඩංගු පැකට් 4 බැගින් ද සොරාගත් බව ඔවුන් පවසා තිබේ.

    වැඩිදුරටත් වාර්තාවන්නේ ඒවා ප්‍රදේශයේ රත්‍රන් අලෙවිසැල් වෙත විකුණා රුපියල් ලක්ෂ 137 ක මුදලක් ලබා ගත් බවත් සැකකරුවන් හෙළිකළ බවය.

    එම මුදලින් රුපියල් ලක්ෂ 57 ක් ලබාගත් නියෝජ්‍ය කළමනාකරු ඔහුට ගෙවීමට තිබූ ණය මුදලක් පියවා ඇති බව විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන තිබේ.

    මෙහෙයුම් කළමනාකාරිණිය රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාගෙන ඇති අතර ඇය ඉන් තම දියණියට නිවසක් මිලදී ගැනීම සඳහා එම මුදල බැංකුවක තැන්පත් කර ඇත.

    සේවා සහායිකාව ලබාගත් රුපියල් ලක්ෂ 30 ක මුදලින් ත්‍රී රෝද රථයක් සහ ඉඩමක් මිලදීගෙන තිබේ.

    එමෙන්ම මොවුන් අලෙවි කළ රන් භාණ්ඩ ඇතැම් රත්‍රං අලෙවි සැල්වලින් උණුකර වෙනත් පුද්ගලයන් වෙත විකුණා ඇති බවයි පොලිසිය හෙළිකරගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය සැකකරුවන් තිදෙනා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.