Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි
    Featured

    තවත් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි

    By LFNMay 29, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලී පදනම මත වාහන ලබාගෙන ඒවා උකස් තබා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු සොයා බණ්ඩාරවෙල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    පොලීසිය පවසන්නේ, මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු දැනට සක්‍රිය සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා සෙබළෙකු වන අතර, අනෙක් සැකකරු යුද්ධ හමුදාවෙන් පළාගිය අයෙකු බවය.

    බදුල්ල ප්‍රදේශයේ පදිංචි, මෙම සැකකරුවන් විසින් ව්‍යාපාර කටයුත්තකට බව පවසා, බදුල්ල සහ අවට ප්‍රදේශවාසින්ගෙන් වාහන කුලී පදනමට ලබා ගැනීම සිදුකර ඇත.

    යතුරු පැදි, ත්‍රීරෝද රථ, වෑන් ඇතුළු වාහන රැසක් මෙලෙස කුලියට ගෙන ඇති අතර, වාහනහිමිකරුවන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා එලෙස කුලි පදනම මත ලබාගත් වාහනවලට අදාළ කුලී මුදල ද මුල් මාස කිහිපය තුළ නිසි පරිදි ගෙවීමට ඔවුන් කටයුතු කර තිබුණි.

    නමුත් මාස කිහිපයකට පසු ඔවුන් එක් වරම වාහන සඳහා කුලී මුදල් ගෙවීම නවතා දමා ඇත්තේ ඔවුන්ගේ ජංගම දුරකථන ද ක්‍රියා විරහිත කරමිනි.

    අනතුරුව සිදුකළ සොයා බැලීම්වලින් හෙළි වී ඇත්තේ එම පුද්ගලයින් දෙදෙනා බදුල්ල ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

    ඒ අනුව තමන් කුලි පදනම මත ලබා දුන් වාහන සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොලැබීම මත, වාහන හිමිකරුවන් බණ්ඩාරවෙල සහ දියතලාව පොලිස් ස්ථාන වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්කර ඇති අතර, ඒ ඔස්සේ සිදුකරනු ලැබූ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ජාවාරම්කාර පුද්ගලයින් දෙදෙනා කුලියට ගත් වාහන වෙනත් පාර්ශවයන් වෙත උකස් තබා ඇති බවය.

    වාහන කුලියට දීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය එක් පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ සම්න්ධ කරගැනීමට වාහන හිමිකරුවන්ට හැකි විය.

    එම සැකකරුගෙන් වාහන තිබෙන ස්ථානය පිළිබඳ නිසි තොරතුරක් නොලැබීම හේතුවෙන් අනෙක් සැකකරුගේ බිරිඳව දුරකථනයෙන් සම්බන්ධකරගැනීමේ දී ඇය දැක්වූ ප්‍රතිචාර අනුව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකර ඇත.

    ඒ අනුව, පොලිස් නිලධාරින් වාහනවල හිමිකරුවන් සමඟ වාහන සොයා යෑමේදී ඔවුන්ගේ වාහන කිහිපයක්ම වාහන උකස් ගන්නා ස්ථානවල තිබී හමුවිය.

    සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 3ත් 15ත් අතර මුදල්වලට වාහන උකස් තබා ඇති බවය.

    පොලීසිය පැවසුවේ අදාළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.