Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමෙරිකාව සහ චීනය අතරින් එකක් තෝරාගැනීම ගැන ජනපති පැහැදිලි කරයි
    Featured

    අමෙරිකාව සහ චීනය අතරින් එකක් තෝරාගැනීම ගැන ජනපති පැහැදිලි කරයි

    By LFNMay 26, 2023No Comments2 Mins Read273 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එදිරිවාදිකම් ඇති බලවත් රාජ්‍යයන් දෙකක් වන එක්සත් ජනපදය සහ චීනය අතරින් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල නොකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජපානයේ නිල සංචාරය අතරතුර, ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ ‘නික්කෙයි’ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ හි පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ ‘නික්කෙයි’ සමුළුවේදී ඊයේ (25) දේශනයක් පැවැත්වීය.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණි.

    එහිදී ජපාන රජයේ සහාය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කනගාටුව පළකර තිබේ.

    විදෙස් රටක හෝ පාර්ශ්වයක් මැදිහත්වීම ඇතිවී සිදුකරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවයක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නීතී සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බවද පවසා ඇත.

    එමෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර සිටියේය.

    එසේම ජනාධිපතිවරයා ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා හමුවූ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

    අනතුරුව ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟද සාකච්ඡාවල නිරතවී ඇත.

    එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් වන යසුඕ ෆුකුඩා , යොෂිහිඩේ සුගා , ටාරෝ අසෝ යන මහත්වරුන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026

    හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 202605 Views

    බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක්…

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.