Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 2026

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි
    Featured

    බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි

    By LFNMay 25, 2023No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    “මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන් 10 දෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්න සූදානම් කියලා. ඒ නිසා මම වහාම මේ ගැන හොයා බැලුවා. ලංකා බැංකුවට කතා කළා, මහජන බැංකුවට කතා කළා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට කතාකළා, ඉතිරිකිරීමේ බැංකුවට කතාකළා, මහාභාණ්ඩාගාර ලේකම්වරයාට කතාකළා. මේක හරි භයානක දෙයක් නේ මෙහෙම වෙනවා නම්. එහෙම දෙයක් කතාකරලා නෑ සභාපතිතුමනි. එහෙම වැඩසටහනකුත් නෑ, එහෙම සිතුවිල්ලකුත් නෑ, එහෙම කතාබහකුත් නෑ, එහෙම තීන්දුවකුත් නෑ, මේ මේ ප්‍රධාන බැංකු දෙකෙන් ප්‍රකාශ දෙකකුත් ගෙන්නාගත්තා. සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් හිරවෙලා ඉන්න මොහොතක අපි කියනවා නම් කිහිපදෙනෙකුට සහනයක් දෙන්න යනවා කියලා. ඒක මේ රටේ සියලුම බැංකු ගණුදෙනුකරුවෙකුටම මහා පීඩනයක් ගෙනදෙන කතාවක්. මම බොහොම වගකීමෙන් කියනවා අනාගතයේදීවත් එහෙම දෙයක් කරන්න අපි බලාපොරොත්තුවෙන්නේ නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    June 14, 202602 Views

    කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයක්

    June 14, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    දරුවා වඩාගෙන පාරේ ගිය පියෙකු බස් රථයක ගැටී මරුට

    June 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.