Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට තිදෙනෙකු අත්අඩංගුවට
    Featured

    දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට තිදෙනෙකු අත්අඩංගුවට

    By LFNMay 25, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    12 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව තරුණයෙකු සහ විවාහක යුවලක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි වියේ පසුවන තරුණයා වස්කඩුව නුගගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අඹුසැමි යුවල බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

    ගුරුවරියක් විසින් පසුගියදිනක එම දැරිය පාසල වෙත නොපැමිණි බවට දැරියගේ මවට දැනුම්දී තිබේ.

    ඒ අනුව දැරියගේ මව විසින් දැරිය සන්තකයේ තිබූ දුරකථනය වෙත ඇමතුමක් ගෙන කළ විමසීමකදී පවසා ඇත්තේ තමන් මිතුරෙකුගේ නිවසේ සිටින බවය.

    අනතුරුව තමන් බණ්ඩාරගම බස් නැවතුම්පොළේ සිටින බවට දැරිය විසින් මවට දුන් ඇමතුමකට අනුව ඇයගේ මව එහි ගොස් දැරියද රැගෙන පොලිස් බණ්ඩාරගම ස්ථානය වෙත ගොස් තිබේ.

    දින කිහිපයකට පෙර දන්සලක් අසළදී තරුණයෙකු මුණගැසුණු බවත් පසුව ඔහු හා තමන් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් බවත් ඔහුගේ ආරාධනයකට අනුව ඔහු හමුවීමට ගිය බවත් එහිදී දැරිය පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත.

    වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනතුරුව දැරිය රැගෙන සැකකාර තරුණයා ඔහුගේ ඥාතීන් වන යුවලකගේ නිවස වෙත ගොස් ඇති බවය.

    එහිදී පොලීසිය එම නිවස වෙත ගොස් අදාළ යුවල අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලට අනුව දැරිය රවටා අපයෝජනය කළ බවට අනාවරණය වී ඇත.

    ඒ අනුව දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර තිබේ.

    බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 20260132 Views

    ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට බිත්තර සහ කුකුළු මස් මිල ගණන් කැපී…

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026

    යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවක්

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.