පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය කුමන්ත්රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම අද කොළඹ මහාධිකරණය හමුවේ තවදුරටත් සිදුකෙරිණි.
දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය අද කැඳවනු ලැබීය.
චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබේ.
එහිදී පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට අදාළ චෝදනා විත්තිකරුවන්ට කියවා දීම අද සිදු කෙරුණි.
එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් ප්රකාශ කළේය.
ඒ අනුව වැඩිදුර චෝදනා කියවාදීම ජූනි මස 02 වනදා තෙක් කල් තැබුණි.