Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හබරාදූව ඝාතනය ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
    Featured

    හබරාදූව ඝාතනය ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

    By LFNMay 24, 2023No Comments1 Min Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (24) උදෑසන හබරාදූව පොලිස් වසමේ උණවටුන, හීනටිගල ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලැබීය.

    මියගොස් තිබුණේ 37 හැවිරිදි හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    තුවාලකාරිය මරණකරුගේ බිරිඳ වන අතර ඔවුන් ත්‍රීරෝද රථයකින් දරුවන් පාසලට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම වෙඩිතැබීමට ලක්වී ඇත.

    එහිදී තුවාල ලැබූ දෙදෙනාවම කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මියගොස් තිබුණි.

    පොලීසිය සඳහන් කළේ සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝල අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇති බවය.

    මරණකරු 2013 වර්ෂයේ හබරාදූව පොලිස් වසමේ හරුමල්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව මනූෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලීසිය කියයි.

    තවද මොහු 2021 වසරේ උණවටුන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වී ඇප මත සිටි අයෙකු බවද අනාවරණය වී තිබේ.

    ඒ අනුව අද උදෑසන සිදුවූ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉහත සිද්ධි සහ මෙම සිද්ධිය අතර යම් සම්බන්ධතාවයක් පවතී ද යන්න අනාවරණය කරගැනීම සඳහා හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 20260107 Views

    රැඳවුම් නියෝග භාරයේ සිටින මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.…

    කුකුළු මස් හා බිත්තර මිල ඉහළට

    March 25, 2026

    ශේන් වෝන්ගේ නැණවත් තීරණය

    March 25, 2026

    බොරතෙල් මිල පහළට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.