Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රත්‍රන් සමග ඇල්ලූ මන්ත්‍රීවරයාගේ ගමන් මල්ලේ ස්මාට් දුරකථන 91ක්
    Featured

    රත්‍රන් සමග ඇල්ලූ මන්ත්‍රීවරයාගේ ගමන් මල්ලේ ස්මාට් දුරකථන 91ක්

    By LFNMay 24, 2023No Comments2 Mins Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිතීවිරෝධි ලෙස රත්‍රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පවසයි.

    නිතීවිරෝධි ලෙස රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඊයේ පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැණුනි.

    එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 74කට ආසන්න බවට ගණන් බලා ඇත.

    මේ අතර මන්ත්‍රීවරයාගේ ගමන්මල්ලේ තිබී ජංගම දුරකථන තොගයක් ද සොයාගැනීමට රේගු පරීක්ෂක නිලධාරීන් සමත්ව ඇත.

    එහි තිබී ස්මාට් ජංගම දුරකථන 91ක් හමුවී ඇති අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 4.2ක් ලෙසට ගණන් බලා තිබේ.

    අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ඔරුගොඩවත්තේ පිහිටි ජංගම ශාඛාව වෙත ඊයේ (23) පස්වරුවේ රැගෙන එනු ලැබීය.

    පැය 5කට ආසන්න කාලයක් ගුවන්තොටුපළේ රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඒ මහතා එහි රැගෙන එනු ලැබීය.

    මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා අද පෙරවරු 9.45ට දිවයිනට පැමිණ තිබුණේ ඩුබායි සිට පැමිණි FZ5547 ගුවන් යානයකිනි.

    අනතුරුව ඔහු ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී රේගු නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වී තිබේ.

    රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සෘජුව පාලනය වන අංශයක් වන ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් මෙලෙස මන්ත්‍රීවරයා පරීක්ෂාවට ලක්කර ඇත්තේ ලැබුණු විශේෂ තොරතුරකට අනුවය.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සතුව තිබී නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කිලෝග්‍රෑම් 3.5ක් බරැති රත්‍රං බිස්කට් තොගයක් හමුවී තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

    “නීතිය ක්‍රියාත්ම කිරීමේදී රජය බලපෑමක් කරන්නේ නැහැ. රේගුව නීතිය ක්‍රියාත්ම කරයි. රත්‍රන් රාජසන්තක කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. දඩ මුදලක් අය කරන්න කටයුතු කරයි. අද නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.