Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැනඩා සරසවියක් පෙන්වා මුදල් ගැරූ දෙදෙනා දැලේ
    Featured

    කැනඩා සරසවියක් පෙන්වා මුදල් ගැරූ දෙදෙනා දැලේ

    By LFNMay 24, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනඩාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන වීසා ලබාදෙන බවට පවසා කෝටි 60කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 47 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

    මෙම සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

    එලෙස ඔවුන් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වංචා කර ඇති බවද හෙළිවී ඇත.

    සැකකරුවන් විසින් පුද්ගලයින් මුලා කිරීම සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 06 වන මහලේ කාර්යාලයක් ද පවත්වාගෙන ගොස් මෙම දැවැන්ත වංචාව සිදුකර තිබේ.

    වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ මෙම වංචාවට හසුවී ඇති බවද මේ වනවිට හෙළිවී ඇත.

    එහිදී සැකකරුවන් මෙම වංචාව සිදුකිරීමට විවිධ පුද්ගලයින් වෙත පවසා ඇත්තේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක මාස 15ක කාලයක් සඳහා වීසා ලබාදෙන බවය.

    කොළඹ වංචා විමර්ශන අංශය විසින් මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 20250108 Views

    මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර…

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.