Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා
    Featured

    නිකන් දුන්න හාල් සජබ සංවිධායක විකුණලා

    By LFNMay 23, 2023No Comments2 Mins Read246 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ බෙදා දීමට රජය මගින් දුන් සහල් තොගයකින් කොටසක් සමග ජනබලවේගයේ වල්පාළුව කලාප සංවිධායකයා හොර රහසේ අලෙවි කර ඇති බවට වල්පාළුව සමෘද්ධිලාභීහු චෝදනා කරති.

    අඩු ආදායම්ලාභීන් වෙත බෙදාදීමට රජයෙන් කිලෝ 10 බැගින් වූ උරවල අසුරා තිබූ සහල් තොගයක් මෙසේ වල්පාළුව සජබ කලාප සංවිධායකයාගේ නිවසේ දී බෙදා දී ඇති අතර, එහිදී ඉතිරි සහල් තොගය රහසේ මෙසේ විකුණා ඇති බවත් ඔවුහු පවසති.

    මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 658 ඒ ග්‍රාම නිලධාරි වසමට අයත් වල්පාළුව ගම්මානයේ මෙම සිද්ධිය වී ඇති බව සමාද්ධිලාභීහු සඳහන් කරති.

    කෙසේ වෙතත් එම සිද්ධිය දැනගත් වල්පාළුව සමෘද්ධි නිලධාරිවරයා මේ පිළිබඳව සජබ කලාප සංවිධායකවරයාගෙන් විමසා ඇති අතර ඔහු එය සනාථ කරගෙන ඇති බවත් පසුව සහල් විකුණූ ස්ථානවලට ද ගොස් එය තවදුරටත් තහවුරු කරගෙන ඇති බවත් කියති.

    පසුව එම සහල් තොගය අලෙවි කළ ස්ථානවලින් සහල් නොලැබීම හේතුවෙන් වෙනත් සහල් තොගයක් ලබා දීමට අදාළ පර්ෂ ද සංවිධායකවරයා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

    මෙම සිද්ධිය පිළිබඳව විමසීමේ දී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ලක්ෂිකා මිගෙල්ලආරච්චි මහත්මිය පැවසුවේ අදාළ පුද්ගලයා එම සහල් තොගය ලබාදුන් බවත්, එම සිද්ධිය ඉන්පසුව අවසන් වූ බවත්ය.

    මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණයක් සිදුවනවාදැයි කළ විමසීමේ දී ඇය කීවේ එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය නොවන බවත්, අලෙවි කර තිබූ සහල් වෙනුවට වෙනත් සහල් තොගයක් ලබාදීමෙන් පසු සිද්ධිය අවසන් කළ බවත්ය.

    මෙම චෝදනාව එල්ලවන සජබ වල්පාළුව කලාප සංවිධායක අනුර බණ්ඩාර අබේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී ඔහු කීවේ එවැනි දෙයක් සිදුවී නැති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.