Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජෙරම්ට එරෙහිව මහනායක හිමියන්ගෙන් ලිපියක්
    Featured

    ජෙරම්ට එරෙහිව මහනායක හිමියන්ගෙන් ලිපියක්

    By LFNMay 23, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

    ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව, මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ප්‍රසිද්ධියේ සිදුකරන ප්‍රකාශ සුළුකොට තැකිය නොහැකි බැවින් වහා නිසි අණ පනත් මගින් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස මහ නා හිමියන් එමගින් ඉල්ලා සිටී.

    බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

    ඔහුට එරෙහිව පාර්ශ්ව කිහිපයක්ම අධිකරණය හමුවට ගිය අතර දේවගැතිවරයා රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ.

    එවන් පසුබිමක ඔහු පසුගිය (21) සිංගප්පූරුවේ සිට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අදාළ ප්‍රකාශයෙන් සිදු වූ සිත්තැවුල ගැන තමා සමාව අයදින බවය.

    මේ පිළිබඳව අද මාධ්‍ය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ සමාව ඉල්ලූ පමණින් පරීක්ෂණ කටයුතු අවසන් කළ නොහැකි බවය.

    මේ අතර ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව නව භික්ෂු පෙරමුණ අද බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා හට සංදේශයක් භාර දුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026029 Views

    2026.03.22 වන දින සවස 06.30ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ…

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.