වයඹ පළාත සඳහා අද (22) සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
අද සිට ලබන 28 වන දින දක්වා මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේය.
“දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම වයඹ පළාතේ ජනතාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ඩෙංගු මර්දන සතියක් වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. මෙහිදි මැයි 22 සිට මැයි 28 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. වයඹ පළාතේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් සහ ඔවුන් ඒකාබද්ධව ඔබගේ නිවසට, රාජකාරි ස්ථානයට හෝ පාසල පරීක්ෂා කරන්න ඔවුන් පැමිණේවි. මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කරගන්න. ඔබගේ සහයෝගය ඉතා අගය කොට සලකනවා.”