Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජෙරම්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    Featured

    ජෙරම්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    By LFNMay 22, 2023No Comments2 Mins Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (21) යළි දිවයිනට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණත් ඔහු මේ දක්වා මෙරටට පැමිණ නැත.

    කෙසේවෙතත් ඔහු මෙරට පැවති මෙහෙයකට සූම් යෙදවුම ඔස්සේ සම්බන්ධ වෙමින් කියාසිටියේ බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රකාශයෙන් සිදු වූ සිත් රිදවීම පිළිබඳව සමාව අයදින බවය.

    නමුත් එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බව ඔහු අද යළි අවධාරණය කළේය.

    “මම නැවතත් නිවසට එනවා. දැන් අපේ නීතීඥවරුන් මට නැවත එන්න අවශ්‍ය පසුබිම සකසන්න වැඩ කරමින් ඉන්නවා. මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි.”

    ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකළ මතභේදාත්මක දේශනයක් හේතුවෙන් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරුවන බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශනයක් ද ක්‍රියාත්මකය.

    එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන ඇත.

    එවැනි වටපිටාවක දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටව ගොස් සිටි අතර ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ තමන් යළි ඉරිදා, එනම් අද ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

    කෙසේ වෙතත් ඔහු මේ දක්වා යළි දිවයිනට පැමිණි බවක් වාර්තා වන්නේ නැත.

    මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අද දිනට අදාළ ඉරිදා මෙහෙය කටුනායක මිරකල් ඩෝම් ශාලාවේ නොපවත්වන බව ඔහු පසුගිය (20) සිය facebook ගිණුමේ සටහනක් යොදා තිබේ.

    අදාළ දේව මෙහෙය දෙහිවල ප්‍රදේශයේ පිහිටි වෙනත් ස්ථානයක පවත්වන බවත් ඒ සඳහා සුම් යෙදවුම ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් විය.

    කෙසේ වෙතත් අද දහවල් එම දේව මෙහෙය පවත්වන ස්ථානය යළිත් වරක් වෙනස් කර තිබු අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ facebook ගිණුමේ සටහන වුයේ එම දේව මෙහෙය නුගේගොඩ ප්‍රදේශයේ ස්ථානයක පවත්වන බවය.

    ඒ අනුව ඊයේ පස්වරුවේ එම ස්ථානයේදී අදාළ මෙහෙය පැවති අතර ඊට සිංගප්පුරුවේ සිට සූම් යෙදවුම ඔස්සේ එකතු වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය අනුගාමිකයන් ඇමතීය.

    එවන් පසුබිමක දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට අද පෙරවරුව වන විට පොලීසිය යොදවා ඇති ආකාරය දක්නට ලැබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026029 Views

    2026.03.22 වන දින සවස 06.30ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ…

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.