Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජෙරම් ඔන්ලයින් එයි
    Featured

    ජෙරම් ඔන්ලයින් එයි

    By LFNMay 21, 2023No Comments2 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

    ඔහු අද (21) දිවයිනට පැමිණෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණත් මේ දක්වා ඔහු දිවයිනට පැමිණ නොමැත.

    ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකළ මතභේදාත්මක දේශනයක් හේතුවෙන් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරුවන බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශනයක් ද ක්‍රියාත්මකය.

    දේවගැති ජෙරම්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන ඇත.

    එවැනි වටපිටාවක දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටව ගොස් සිටි අතර ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ තමන් යළි ඉරිදා, එනම් අද ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

    කෙසේ වෙතත් ඔහු මේ දක්වා යළි දිවයිනට පැමිණි බවක් වාර්තා වෙයි.

    මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අද දිනට අදාළ ඉරිදා මෙහෙය කටුනායක මිරකල් ඩෝම් ශාලාවේ නොපවත්වන බව සිය facebook ගිණුමේ සටහනක් යොදා තිබේ.

    අදාළ දේව මෙහෙය දෙහිවල ප්‍රදේශයේ පිහිටි වෙනත් ස්ථානයක පවත්වන බවත් ඒ සඳහා සුම් යෙදවුම ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන්ය.

    එවන් පසුබිමක දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට අද පෙරවරුව වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති ආකාරය දක්නට ලැබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.