ඉන්දියාවේ සභාපතීත්වයෙන් එරටදී පැවැත්වෙන G20 සමුළුවට චීනය බාධාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන G20 සමුළුවේ සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමට සිය රටේ නියෝජිතයන් සහභාගී නොවන බව චීනය පවසා ඇතැයි වාර්තා වෙයි.
ඉන්දියාවේ සභාපතීත්වය යටතේ, G20 සමුළුවේ සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මැයි 22 සිට 24 දක්වා ජම්මු – කාෂ්මීරයේ ශ්‍රීනගර් හිදී පැවැත්වීමට නියමිතය.
චීනයේ මතය වී ඇත්තේ ආරවුල් ඇති ප්‍රදේශයක එවැනි රැස්වීම් පැවැත්වීමට තමන් දැඩි ලෙස විරුද්ධ බවට ය.
ඒ අනුව විචාරකයින් පවසන්නේ චීනය යනු පාකිස්තානයේ සමීප මිතුරෙකු වන බැවින් ඉන්දියාවට එල්ල කරන විරෝධය චීන – පාකිස්තාන සබඳතාවල ප්‍රතිඵලයක් වියහැකි බවය.