Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්මා සඳමාලි මියගිය හේතුව කී පසු ජපානයත් සලිත වෙයි
    Featured

    විශ්මා සඳමාලි මියගිය හේතුව කී පසු ජපානයත් සලිත වෙයි

    By LFNMay 21, 2023No Comments2 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉවත් කර තිබේ.

    ජපාන මාධ්‍ය වාර්තා කළේ, ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල පූර්ණ සැසිවාරයක් අමතමින් මිසුහෝ උමේයිමුරා නම් මන්ත්‍රීවරිය 2021දී නගෝයා ආගමන කාර්යාංශ ගොඩනැගිල්ලකදී සඳමාලි මියගිය ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවය.

    2017දී ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන විශ්මා සඳමාලි වීසා නීති උල්ලංඝනය කිරීම යටතේ 2020දී අත්අඩංගුවට ගෙන තිබුණි.

    ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ මාස ගණනාවක් රඳවා සිටින ඇය 2020 මාර්තු 06 වනදා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.

    එම සිද්ධියත් සමග සංක්‍රමණික නීති සංශෝධනය විය යුතු බවට මතයක් ද ජපානය තුළ සමාජගතවිය.

    පසුගිය 16 වනදා ජපානයේ විපක්ෂ මන්ත්‍රීවරියක් වන මිසුහෝ උමේයිමුරා සංක්‍රමණ පාලන සහ සරණාගතයින් පිළිගැනීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පිළිබඳ කමිටු සාකච්ඡාවකදී පවසන්නේ, විශ්මා සඳමාලි මියගොස් ඇත්තේ, කිසියම් කෙනෙකුගේ කීමක් මත ආහාර වර්ජනය කිරීමෙන් බවය.

    නිපෝන් ඉෂින් පක්ෂයේ මිසුහෝ උමේයිමුරා,

    “ඇය ආහාර වර්ජනයක් නිසා මිය යන්න පුළුවන්, ආහාර වර්ජනයක් සහ ඇයගෙන් පෙන්නුම් කළ තත්ත්වය වෙනසක් වගේම සම්බන්ධතාවයක් පවතිනවා. ඒ දේ හරියටම දැනගන්න පුළුවන් ඊට මුහුණදුන් පුද්ගලයාගෙන්ම තමා.. නමුත් දැන් ඇය මියගොස් තිබෙනවා.”

    මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ ඇය නියෝජනය කරන නිපෝන් ඉෂින් පක්ෂයේ මහලේකම් ෆුමිටකේ ෆුජිටා මහතා පැවසුවේ, මෙම ප්‍රකාශය මත පදනම්ව ඇය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඉදිරියේදී විනය පියවර ගන්නා බවය.

    එමෙන්ම ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්මාගේ පවුලේ ඥාතින් සහ සියලුදෙනාගෙන් සමාව ඉල්ලන බව ද නිපෝන් ඉෂින් පක්ෂයේ මහ ලේකම්වරයා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.