Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැනේඩියානු මහකොමසාරිස්ව විදේශ අමාත්‍යාංශයට කැඳවයි
    Featured

    කැනේඩියානු මහකොමසාරිස්ව විදේශ අමාත්‍යාංශයට කැඳවයි

    By LFNMay 20, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

    ඒ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට සිදු කළ චෝදනා සම්බන්ධව කරුණු විමසීම සඳහා ය.

    එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මැයි 18 වනදා නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කර තිබේ.

    දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

    එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
    ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ දී, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශයේ ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ධ්‍රැවීකරණයට ලක් විය හැකි බවද එතුමා ඔහු සඳහන් කර තිබේ.

    මෙම ‘ජන සංහාරය’ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද්දක් බවට පළ වන අත්තනෝමතික හා සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ, ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත සහ දේශපාලනික වශයෙන් පොළඹවන ලද ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    කැනඩාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව, කැනේඩියානු රජයේ සහයෝගය මෙරටට ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, අන්තර්ග්‍රහණීය සංවර්ධනය සහ තිරසාර සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමේ දී, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව ඒ සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කර ගන්නා අතරතුර, දෙරටේ අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය වන ආකාරයේ සබඳතා පවත්වන ලෙස කැනඩාව දිරිමත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.