Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍ය කැලඹූ කුරුණෑගල සිද්ධියේ ඇත්ත කතාව මෙන්න
    Featured

    සමාජ මාධ්‍ය කැලඹූ කුරුණෑගල සිද්ධියේ ඇත්ත කතාව මෙන්න

    By LFNMay 20, 2023Updated:May 20, 2023No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල ප්‍රදේශයේ දී මහ මඟ අතරමං වී පාර ඇසූ දරුවෙක්ට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව හෙළිවී තිබේ.

    පොලීසිය පවසන්නේ ලිංගික අතවර චෝදනා එල්ල කළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් යැයි හෙළිවී ඇති බවය.

    දරුවා කිසිඳු ලෙසකින් ලිංගික අපයෝජනයකට ලක්වී නොමැති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

    කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් පෙරේදා, එනම් 17 වනදා නිවසින් පිටත්ව කුරුණෑගල ප්‍රදේශයට පැමිණ තිබුණි.

    පසුව එම දරුවා යළි බස් රථයකට ගොඩවී ඇත්තේ නිවසට යාමේ අපේක්ෂාවෙනි.

    දරුවා වැරදි බස් රථයකට ගොඩවී ඇති අතර ඒ බව අවබෝධකරගත් කොන්දොස්තර මහතා දරුවාට උපදෙස් දී ඇත්තේ බස් රථයෙන් බසින ලෙසය.

    ඒ අනුව ඔහු යන්තම්පලාව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බව පොලීසිය පවසයි.

    පසුව, එම ප්‍රදේශයේ මහ මඟ ගමන් කරමින් සිටි දරුවා එම ප්‍රදේශයේ මූල්‍යායතනයක් වෙත ගොස් තිබේ.

    එහිදී අලෙවියට තබා තිබූ යතුරුපැදි කිහිපයක් නෙත ගැටී, තමාට යතුරුපැදියක් මිලදී ගැනීමට අවැසි බව පවසමින් පස්වරු 5.30 ට පමණ එම ආයතනය තුළට යන ඔහු නිලධාරීන් ද සමග යතුරුපැදි පරික්ෂා කරන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබේ.

    මෙම දර්ශනයේ දැක්වෙන පරිදි ඔහු යතුරුපැදියකට නැඟ එය පණගන්වා හිස් ආවරණයක් ද පැළඳ එය ධාවනය කරන්නට උත්සාහ කර තිබුණි.

    කෙසේවෙතත් මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට මොහු පිළිබඳ සැකයක් මතුවී ඇත්තේ ඔහුගේ හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් දක්නට ලැබීමෙනි.

    පසුව ආයතන නිලධාරීන් සිය ආයතන පරිශ්‍රයෙන් දරුවා පිටත්කර හැර තිබුණි.

    ඉන් අනතුරුව පස්වරු 6 ට පමණ නගරයට පැමිණි දරුවා මහ මඟ සිටි පිරිසකට පවසා ඇත්තේ මුල්‍ය ආයතනයේ පිරිසක් තමාට ලිංගික අපයෝජනයට ලක් කළ බවය.

    දරුවාගේ එම ප්‍රකාශයෙන් ප්‍රකෝපවූ පිරිස් එම මුල්‍ය ආයතනයට ඊයේ කඩාවැදී තිබුණි.

    එහිදී ඇතිවී තිබුණේ දැඩි නොසන්සුන් තත්ත්වයකි.

    කුරුණෑගල පොලීසියේ නිලධාරීන් ද එහිදී එම පරිශ්‍රය තුළට පැමිණෙන අතර ඒ අනුව ඔවුන් විමර්ශන අරඹා තිබුණි.

    අදාළ දරුවා සිය භාරයට ගන්නා පොලිස් නිලධාරීන් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවාට කිසිඳු අයුරක ලිංගික හිරිහැර හෝ අතවරයක් සිදුවී නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.