Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍ය කැලඹූ කුරුණෑගල සිද්ධියේ ඇත්ත කතාව මෙන්න
    Featured

    සමාජ මාධ්‍ය කැලඹූ කුරුණෑගල සිද්ධියේ ඇත්ත කතාව මෙන්න

    By LFNMay 20, 2023Updated:May 20, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල ප්‍රදේශයේ දී මහ මඟ අතරමං වී පාර ඇසූ දරුවෙක්ට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව හෙළිවී තිබේ.

    පොලීසිය පවසන්නේ ලිංගික අතවර චෝදනා එල්ල කළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් යැයි හෙළිවී ඇති බවය.

    දරුවා කිසිඳු ලෙසකින් ලිංගික අපයෝජනයකට ලක්වී නොමැති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

    කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් පෙරේදා, එනම් 17 වනදා නිවසින් පිටත්ව කුරුණෑගල ප්‍රදේශයට පැමිණ තිබුණි.

    පසුව එම දරුවා යළි බස් රථයකට ගොඩවී ඇත්තේ නිවසට යාමේ අපේක්ෂාවෙනි.

    දරුවා වැරදි බස් රථයකට ගොඩවී ඇති අතර ඒ බව අවබෝධකරගත් කොන්දොස්තර මහතා දරුවාට උපදෙස් දී ඇත්තේ බස් රථයෙන් බසින ලෙසය.

    ඒ අනුව ඔහු යන්තම්පලාව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බව පොලීසිය පවසයි.

    පසුව, එම ප්‍රදේශයේ මහ මඟ ගමන් කරමින් සිටි දරුවා එම ප්‍රදේශයේ මූල්‍යායතනයක් වෙත ගොස් තිබේ.

    එහිදී අලෙවියට තබා තිබූ යතුරුපැදි කිහිපයක් නෙත ගැටී, තමාට යතුරුපැදියක් මිලදී ගැනීමට අවැසි බව පවසමින් පස්වරු 5.30 ට පමණ එම ආයතනය තුළට යන ඔහු නිලධාරීන් ද සමග යතුරුපැදි පරික්ෂා කරන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබේ.

    මෙම දර්ශනයේ දැක්වෙන පරිදි ඔහු යතුරුපැදියකට නැඟ එය පණගන්වා හිස් ආවරණයක් ද පැළඳ එය ධාවනය කරන්නට උත්සාහ කර තිබුණි.

    කෙසේවෙතත් මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට මොහු පිළිබඳ සැකයක් මතුවී ඇත්තේ ඔහුගේ හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් දක්නට ලැබීමෙනි.

    පසුව ආයතන නිලධාරීන් සිය ආයතන පරිශ්‍රයෙන් දරුවා පිටත්කර හැර තිබුණි.

    ඉන් අනතුරුව පස්වරු 6 ට පමණ නගරයට පැමිණි දරුවා මහ මඟ සිටි පිරිසකට පවසා ඇත්තේ මුල්‍ය ආයතනයේ පිරිසක් තමාට ලිංගික අපයෝජනයට ලක් කළ බවය.

    දරුවාගේ එම ප්‍රකාශයෙන් ප්‍රකෝපවූ පිරිස් එම මුල්‍ය ආයතනයට ඊයේ කඩාවැදී තිබුණි.

    එහිදී ඇතිවී තිබුණේ දැඩි නොසන්සුන් තත්ත්වයකි.

    කුරුණෑගල පොලීසියේ නිලධාරීන් ද එහිදී එම පරිශ්‍රය තුළට පැමිණෙන අතර ඒ අනුව ඔවුන් විමර්ශන අරඹා තිබුණි.

    අදාළ දරුවා සිය භාරයට ගන්නා පොලිස් නිලධාරීන් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවාට කිසිඳු අයුරක ලිංගික හිරිහැර හෝ අතවරයක් සිදුවී නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 2026

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි

    May 13, 202604 Views

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ…

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.